Tuesday, September 3, 2019

පුස්තකාලයක් යනු කුමක්ද?/ what is library ?


Image result for library
පුස්තකාල විද්‍යාව පිළිබඳව මෙම බ්ලොග්   අඩවියේ පලවන ප්‍රථම ලිපිය වෙත සාදරයෙන්  පිළිගනිමි .


පුස්තකාල විද්‍යාව පිළිබඳව කතා කරන විට   පළමුව කතා කළ යුතු මාතෘකාවක්වක් ලෙස පුස්තකාලය යනු කුමක්දැයි හඳුනාගත යුතුය. සරල ව අර්ථකථනය කර හොත් පුස්තකාලයක් යනු දැනුම් එක්රැස් කර ඇති හා දැනුම බෙදාහරින්නා වූ මධ්‍යස්ථානයකි.  අතීතයේ සිට පුස්තකාල ආරම්භ වුවත් එකල පුස්තකාලවල අරමුණ වූයේ මිනිසා ලියන ලද ඕනෑම දෙයක් සංරක්ෂණය කිරීමයි. නමුත් වර්තමානය වන විට ලේඛනවල වූ සුලභතාවය හමුවේ පුස්තකාල, සේවා සපයන මධ්‍යස්ථාන බවට පත්වී හමාරය.  

මෙකී  පුස්තකාල යනු කුමක්දැයි හරිහැටි අවබෝධ කර කර ගැනීම සඳහා අපට පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳ වූ විද්වතුන්ගේ නිර්වචනයන් අධ්‍යයනය කිරීම වැදගත් වේ. එලෙස පුස්තකාල පිළිබඳව හා පුස්තකාලයක් යනු කුමක්දැයි විවිධ විද්වතුන් ඉදිරිපත් කල නිර්වචන පහත දැක්වේ. 

" ස්වයං අධ්‍යාපනයය සඳහා ඇති ක්ෂේමභූමිය  පුස්තකාලයයි.   "          
                     - ආචාර්ය එස් ආර් රංගනාදන්-


" පුස්තකාල වැඩි වශයෙන් විවෘත කිරීම යනු බන්ධනාගාර, උසාවි හා පොලිස් ස්ථාන ක්‍රමිකව වසා දැමීමකි " 
                                          -එස්.කේ ෂර්මා-


" මානව ශිෂ්ටාචාරයේ ජීව රුධිරය නම් විශ්ව ඤාණයයි. එම රුධිරය ජනතාව වෙත ප්‍රවාහනය කරන ප්‍රධාන ආයතනයය වන්නේ පුස්තකාලයයි."
                                         -ජී.එච් ශේරා-


  •        “Your library is your paradise"                                                                                                                 - Desiderius Erasmus-


  •       “Ordinary people have big TVs. Extraordinary people have big libraries.”                                                                                             - Robin Sharma-
                                                                               

  •        “A library is not a luxury but one of the necessities of life”
                           -Henry Ward Beecher-
                                                                                            
  •        “The only things you absolutely have to know is the location of the library.”
                                        - Albert Einstein-
                                                                                         

  •        “Without libraries what have we? We have no past and no future"                                                   - Ray Bradbury-


  •        “A library is a hospital for the mind.”
                                                 - Anonymoul - 


    පුස්තකාලය වූ කලී සුවිශේෂ මෙහෙවරක් සමාජයට ඉටු කරන්නා වූ ආයතනයක් ලෙස හැඳින්වීම නිවැරදියි මෙලෙස වූ පුස්තකාලය වර්තමානය වන විට විවිධ විවිධාකාරයෙන්  හැඩ ගැසී ඇත.
  •  කඩදාසි මාධ්‍ය පුස්තකාල
  •  දෙමුහුන් පුස්තකාල
  • අතත්‍ය පුස්තකාල 

ලෙස  එලෙස වූ  පුස්තකාල වර්ග වී ඇත්තේ පුස්තකාල වල භාවිතා කරන්නාවූ තොරතුරු මූලාශ්‍ර වල බලපෑම  නිසාවෙනි.   මෙම ලිපියේ පුස්තකාලයක් යනු කුමක්ද යන්න  විග්‍රහයක් අඩංගු වන අතර ඉදිරියට පුස්තකාල වර්ග පිළිබඳ පුළුල් විස්තරයක් සහිත ලිපියක් බලාපොරොත්තු වන්න .



references;(ආශ්‍රිත මූලාශ්‍ර )

  •          වීරසිංහ ඩබ්.කේ.එම්.එම්.කේ. පොතපත වතගොත කර්තෘ ,කැලණිය

  •        bookhub.com
  •        printerest.com
  •        todayinsci.com
  •        brainyqueto.com
  •        golfian.com 

2 comments:

Best and Amazing Architectural libraries in the world ...

   Best and Amazing Architectural libraries in the world ... Belarus National Library, Minsk       👉     https://www.nlb.by/en/ 2 .        ...