Thursday, May 7, 2020

පුස්තකාල විද්‍යාවේ පංචවිධ නීති./ Five laws of library science


පුස්තකාල  සංවර්ධනය  සඳහා  වන පංචවිධ නීති  පුස්තකාලය පිලිබද කතා කරන විට අමතක කළ නො නොහැකි කාරණාවක් ලෙස  හැඳින්විය හැකිය. එස් ආර් රංගනාදන් මහතා විසින් හඳුන්වා දුන්  මෙම පංචවිධ නීති පුස්තකාල සංවර්ධනය කිරීමේදී සුවිශේෂී දායකත්වයක් ලබාදෙන සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය.

 ''five laws of library science'' ග්‍රන්ථය ආචාර්ය රංග්නාදන් මහතා  විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ මෙම පංචවිධ නීති අන්තර්ගත කරමිනි. එකී පුස්තකාල විද්‍යා නීති 5 පහත අයුරින් දැක්විය හැකිය. එනම් ,

  • පොත් ඇත්තේ භාවිතය සඳහාය.( Books are for use)
  •  සෑම පාඨකයෙක් සඳහා පොතක් තිබිය යුතුය( ever reader his book)
  •   සෑම පොතක් සඳහාම පාඨකයෙක් සිටිය යුතුය    (every books its reader)
  • පාඨකයාගේ කාලය ආරක්ෂා කළ යුතුය( save the time of the reader)
  •  පුස්තකාලය යනු වැඩෙන ආයතනයකි (library is a growing organism )


එම නීති අතර පළමු නීතිය වන්නේ  '' පොත් ඇත්තේ භාවිතය සඳහාය''  යන්නයි. එහිදී  සඳහන් වන පරිදි පොත්පත්  සංරක්ෂණය කර තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්    පොත්පත් නිරන්තරවම භාවිතයට ගත යුතු බවත් ප්‍රකාශ වේ. අතීතයේ පුස්තකාලවල  පොත්පත් දම්වැල් දමා ආරක්ෂා කළ අතර එලෙස කිරීම් තුළින් පුස්තකාල පාඨකයාගේ භාවිතයෙන් තොරව වූ ආයතනයක් බවත් ග්‍රන්ථ වෙත ප්‍රවිශ්ඨ වීම පාඨකයාට ඉතා අසීරු කර්තව්‍යයක්  බවත් පැරණි මූලාශ්‍ර මගින් අපට තහවුරු කරගත හැකිය. අතීතයේ පුස්තකාලාධිපති වරුන් ඔව්න්ගේ ප්‍රධාන වගකීම ලෙස සලකා ඇත්තේ පොත්පත් ආරක්ෂා කිරීමයි. නමුත්  පංචවිධ නීති අතරින් පළමු නීතිය ලෙස හඳුන්වන පොත්පත් ඇත්තේ භාවිතය සඳහා යන නීතිය අවධාරණයට නතු කළ හොත් පොත්පත් පාඨකයාද දුලබ වස්තුවක් නොවිය යුතු බව  පෙන්වා දී ඇත. එකී කාරණාවේදී,

  •  පුස්තකාලයේ පිහිටීම  සාමකාමී පරිසරයක පිහිටීම
  •  පුස්තකාලය විවෘත කරන ව්මේලාව දීර්ඝ කිරීම 
  •  පුස්තකාල කාර්යමණ්ඩලය තමාගේ යුතුකම් මැනවින් ඉටු කිරීම
 යන කාර්යයන් මගින් පොත්පත් පාඨකයාගේ භාවිතය සඳහා වැඩි වශයෙන් යොමුවීම ද සිදුවේ.

  ''සෑම පාඨකයෙක් සඳහාම පොතක් තිබිය යුතුය'' යන  නීතිය සලකා බැලීමේදී එය ද පුස්තකාල සංවර්ධනය කෙරෙහි ඉතා වැදගත් නීතියක් ලෙස දැක්විය හැකිය.පොතපත  ජනතාවට වඩාත් සමීප කරවීමට  එම නීතිය ඔස්සේ ක්‍රියාත්මක වේ.එම නීතිය සම්පූර්ණ වීමට,
  • රජයේ ක්‍රියාකාරීත්වය
  •  විමර්ශන සේවය 
  • පාඨකයන්ගේ වගකීම
   වැනි කරුණු කාරණා බොහෝමයක් පාදක වේ. එම කරුණු කාරණා සම්පූර්ණ වීමත් සමග පංචවිධ නීති  අතර   දෙවන නීතිය වන සෑම පාඨකයෙක් සඳහා පොතක් තිබිය යුතුයි යන නීතිය මනාව සම්පූර්ණ වේ.

පංච නීති  අතර තෙවන නීතිය වන්නේ  '' සෑම පොතක් සඳහාම පාඨකයෙක් සිටිය යුතුය'' යන්නයි.එහි  මුඛ්‍ය අරමුණ වන්නේ පුස්තකාලයේ තිබෙන සෑම ග්‍රන්ථයක්ම පුස්ත්කාලයේ අවශ්‍යතාවන් වලට ගැළපිය යුතුය යන්නයි.එම  කාරණයේදී ,
  •  විමර්ශන සේවය 
  • සුචිකරණය
  •  රාක්ක අනුක්‍රම ගත කිරීම
  • ග්‍රන්ථ තේරීම

 ආදී කාරණාවන් ඉතා වැදගත් වේ.
     පුස්තකාලයක වූ අංග ත්‍රිත්වය නම් පාඨකයා, පොත්පත් හා සේවකයන්ය, ඒ අතුරෙන් පාඨකයා වූ කලී පුස්තකාලයේ ප්‍රධානතම අංගයක් වන අතර පුස්තකාලයත් සංවර්ධනය වීමට නම් පාඨකයා පිළිබඳ මනා අවධානයක් පුස්තකාල කාර්ය මණ්ඩලය ලබා දිය යුතුය. එබැවින් පාඨකයාගේ  කාලය ආරක්ශා කළ යුතුය යන සිව් වන නීතිය පුස්තකාල සංවර්ධනයෙහිලා ඉතා වැදගත් වේ. එලෙස පාඨකයාගේ කාලේ ආරක්ෂා කළ යුතුය යන කාරණාවේදී,
  •  සුචිකරණය
  •  සලකුණු ක්‍රම
  •  පුස්තකාලයේ පිහිටීම
  •  විමර්ශන සේවය
  •  ග්‍රන්ථ සංසරණ ක්‍රම

 ආදී ක්‍රමෝපායන් යොදා ගැනීම තුළින් පාඨකයාගේ කාලය ආරක්ෂා කරමින් ඔවුන්ට මනා සේවයක් සැපයීමට හැකියාව ලැබේ. වර්තමානය වන විට ඉතා කාර්‍යබහුල දිවියක් ගත කරන පාඨක ප්‍රජාවට මෙය ඉතා වැදගත් කාරණාවක් ලෙස් හැදින්විය හැකිය.

''පුස්තකාලය යනු වැඩෙන ආයතනයකි'' යන්න ආචාර්‍ය රන්ගානාදන් මහතාගේ v නීතියයි. එහිදී පුස්තකාලෙ ප්‍රධාන අංග තුන වන පාඨකයෝ පොත්පත් සේවකයා යන අංග ත්‍රිත්වය මගින් පුස්තකාලයක වර්ධනය වීම සිදු වන බව පැහැදිලිවේ.එම නීතිය මනාව ක්‍රියාත්මක වීමට නම්,
  •  විමර්ශන සේවය
  •  වර්ගීකරණ ක්‍රමය
  •  රාක්ක අනුක්‍රමගත කිරීම
  • විස්තෘත සේවා

 ආදි වූ ක්‍රමෝපායන් යොදා ගත හැකි අතර එකී කාරණාවන්ගෙන් පෝෂණය වීම තුළින් පුස්තකාලය වැඩෙන ආයතනයක් බවට පත් කළ හැකිය.

 ඉහත කී පංච විධ නීති තුළින් රංගනාදන් මහතා පුස්තකාල සංවර්ධනය උදෙසා අපරිමිත සේවයක් කර ඇති අතර සමස්ත ලෝකයේම පුස්තකාල වෙනුවෙන් කළ මහඟු කාර්යයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
 


මෙම බ්ලොග් අඩවි‍යෙන් ඉල්ලූ ඉල්ලීමක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කරන්නට උත්සාහ ගත් අතර ඔබට පුස්ත්කාල විද්‍යාව හා සම්බන්ධ  ගැටලු පවතීනම් පහතින් කමෙන්ට් කරන්න. පුස්ත්කාල විද්‍යාව සම්බන්ව තවත් වටිනා ලිපියක් ඉදිරියේදී ....,



References (ආශ්‍රිත මූලාශ්‍ර )

වීරසිංහ ,ඩබ්.කේ.එම්.එම්.කේ.(1999) එස්.ආර්.රංගනාදන් 1892-1972,කර්තෘ කැළණිය

16 comments:

  1. පුස්තකාල අධ්‍යාපනය" කියලා මාතෘකාවක් තියෙනවද? ඒ ගැන විස්තරයක් ලබාදීමට හැකිද?

    ReplyDelete
  2. "පුස්තකාල අධ්‍යාපනය" කියලා මාතෘකාවක් තියෙනවද... පුස්තකාල විෂය තුළ....

    ReplyDelete
  3. සමාවෙන්න... කලින් ප්‍රශ්නය වැරදුනා... "අධ්‍යයන පුස්තකාල යනු කුමක් එහි සුවිශේෂීත්ව මොනවාද .." මෙකට පිළිතුරක් ලබා දීමට හැකි ද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පිළිතුරක් ලබාදීමට පරක්කු වීම සම්බන්ධයෙන්.'පුස්තකාල අධ්‍යාපනය' යනුවෙන් වෙන් වූ විෂය මාතෘකාවක් නොමැති අතර 'පාඨක අධ්‍යාපනය' යනුවෙන් මාතෘකාවක් පුස්තකාල විද්‍යා විශය තුල තුල පවති. තවද, අධ්‍යන පුස්තකාල ලෙස හඳුන්වන්නේ ශාස්ත්‍රීය පුස්තකාල (Academic libraries) වේ, ඒ පිළිබඳව බලාගැනීමට අවශ්‍යනම් මෙම ලින්ක් එකට පිවිසෙන්න

      https://liscduleesha.blogspot.com/2019/09/blog-post_5.html

      Delete
    2. බොහොම ස්තුති.කරුනු බොහොම වැදගත්.
      පුස්තකාල විද්‍යාව යනු කවරේද වැනි ප්‍රස්න යකදි
      පුස්තකාල විද්‍යාව හදුන්වන්නෙ කොහොමද කියන්න පුලුවන් ද

      Delete
  4. ඇත්තටම ගොඩාක් වැදගත් 😍😘

    ReplyDelete
  5. ඇත්තටම ගොඩාක් වැදගත් 😍😘

    ReplyDelete
  6. වැදගත් දෙයක් ❤️

    ReplyDelete
  7. ගොඩක් වැදගත් කරුණු .

    ReplyDelete
  8. අනුක්‍රමණිකාවකට වඩා සාරසංග්‍රහයකින් ලැබිය හැකි ප්‍රයෝජන පිලිබද විමසන්න
    වගේ ප්‍රස්න යකට උත්තර යක් දෙන්න පුලුවන් ද.

    ReplyDelete
  9. ගොඩක් වැදගත් thank you 💕

    ReplyDelete

Best and Amazing Architectural libraries in the world ...

   Best and Amazing Architectural libraries in the world ... Belarus National Library, Minsk       👉     https://www.nlb.by/en/ 2 .        ...