Thursday, September 5, 2019

පුස්තකාල වර්ගීකරණය / Library classification



              පුස්තකාලයක් යනු කුමක්දැයි පළමු ලිපිය ඔස්සේ සාකච්ඡා කළ බැවින් මෙතැන් සිට පුස්තකාල හා විඥාපන විද්‍යාවේ ප්‍රධාන අංශ ඔස්සේ   අදාළ කරුණු සාකච්ජා කරමු.                                                                                                                         

       Image result for libraries


  පුස්තකාල හා විඥාපන විද්‍යාව හදාරන ඕනෑම අයෙකුට පාහේ දැනගන්නට අවශ්‍ය වන ප්‍රධානතම කාරණයක් ලෙස පුස්තකාල වර්ග හැඳින්විය හැකිය. එහිදී පුස්තකාලයක් වර්ග වන ආකාර කිහිපයක් වේ. ප්‍රථමව භාවිතා   වන තොරතුරු මූලාශ්‍ර අනුව පුස්තකාල වර්ග වන ආකාරය සාකච්ඡා කරමු, එහිදී ප්‍රධාන වශයෙන් පුස්තකාලයක්, භාවිතා වන තොරතුරු මූලාශ්‍ර අනුව තුන් ආකාර වේ.

  •  කඩදාසි   මාධ්‍ය පුස්තකාල (paper libraries)
  • කඩදාසි හා ඉලෙක්ට්රොනික පුස්තකාල නැතහොත් දෙමුහුන් පුස්තකාල( Hybrid libraries)
  •  අතත්‍ය පුස්තකාල නැතහොත් සංඛ්‍යාංක පුස්තකාල (Digital libraries)



      1.කඩදාසි  මාධ්‍ය පුස්තකාල (paper libraries)
ඉහත වූ පුස්තකාල වර්ග අතුරෙන්  කඩදාසි මාධ්‍ය  පුස්තකාල  යනු සියලු  පුස්තකාල  ද්‍රව්‍යයන් කඩදාසි වලින්ම මුද්‍රිත ඒවාය. මේවා ගවේෂණයට ද කඩදාසි වලින් ම ඇතුළත් මූලාශ්‍ර යොදා ගනී. මෙම  පුස්තකාල වල තොරතුරු ගවේෂණයට  පුස්තකාලය තිබෙන ස්ථානයටම යාම  අත්‍යවශ්‍යය වේ. මේවා වෙනත් පුස්තකාල වලට සම්බන්ධ කර නොමැති නිසා එම ඒකීය පුස්තකාලය තුළම විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත වේ.සාම්ප්‍රදායික මහජන පුස්තකාල හා පාසල් පුස්තකාල මීට උදාහරණ වේ.

කඩදාසි මාද්‍ය පුස්තකාලවල,

  • පොත් (Books)
  • පුස්තිකා (Pamphlet)
  • මුද්‍රිත පත්‍රිකා ( Printed sheet)
  • සිතියම් ද්‍රව්‍ය  (Cartographic materials)
  • අත්පිටපත්  ( Manuscript)
  •  සූක්ෂම ද්‍රව්‍ය  (Micro-forms)
  • වාරික ප්‍රකාශන ( Serials)

 ආදී වූ මුද්‍රිත  මූලාශ්‍ර තොරතුරු ගවේශ්ණයට යොදා ගනී.


    2. කඩදාසි හා ඉලෙක්ට්රොනික පුස්තකාල නැතහොත් දෙමුහුන් පුස්තකාල( Hybrid libraries)

කඩදාසි ඉලෙක්ට්රොනික පුස්තකාල   පුස්තකාල වූ කලී බොහෝවිට පුස්තකාල ද්‍රව්‍යයන් කඩදාසි වලින් සකස් කර ඇති අතර එහි වූ ගවේෂණ මෙවළම් Electronic අයුරින් සකස් කර ඇති පුස්තකාල විශේෂයකි. මෙහිදී පුස්තකාලයට භෞතිකව නොගොස් එහි ඇත්තේ මොනවාදැයි  පරිගණක සුචී හරහා දැනගත හැකිය .මේ මෙම පුස්තකාල කඩදාසි  මාධ්‍ය පුස්තකාල වලට සාපේක්ෂව කාර්යක්ෂමතාවකින් යුක්ත වන අතර   පුස්තකාලයට නොගොස් අපට අවශ්‍ය තොර තොරතුරු ඔන්ලයින් මාර්ගයෙන් ලබා ගැනීමට හා පහසුවෙන් හා  පැහැදිලිව එහි වූ තොර තොරතුරු මූලාශ්‍ර වෙත ප්‍රවේශ වීමට ද හැකිය.
 වර්තමානය වන විට බොහෝ  පුස්තකාල මෙලෙස දෙමුහුන් ආකාරයට පවතී.

මෙම පුස්තකාලවල,
  • පොත් (Books)
  • පුස්තිකා (Pamphlet)
  • මුද්‍රිත පත්‍රිකා ( Printed sheet)
  • සිතියම් ද්‍රව්‍ය  (Cartographic materials)
  • අත්පිටපත්  ( Manuscript)
  •  සූක්ෂම ද්‍රව්‍ය  (Micro-forms)
  • වාරික ප්‍රකාශන ( Serials)
  • පරිගණක ගොනු (computer files)
  • අන්තර්ජාලය (Internet)
  • ග්‍රැෆික් ද්‍රව්‍ය ( Graphic Materials)
  • සංගීත කෘති ( Music Materials)
 ආදී වූ තොරතුරු  මූලාශ්‍ර තොරතුරු ගවේශ්ණයට යොදා ගනී.


    3. අතත්‍ය පුස්තකාල නැතහොත් සංඛ්‍යාංක පුස්තකාල (Digital libraries)

  මෙම  පුස්තකාල වල තොරතුරු මූලාශ්‍ර හා ගවේෂණ මෙවලම් ඉලෙක්ට්‍රොනික් ස්වරූපයෙන් පවතී ඒ නිසා මේවා බිත්ති රහිත පුස්තකාල ලෙස හැඳින්වේ. මෙම පුස්තකාල පරිහරණයට ද භෞතිකව  පුස්තකාල වලට පිවිසීම අවශ්‍ය නොවේ. එසේම මේවා වෙනත් සමග පුස්තකාල සමග සම්බන්ධීකරණය කර ඇති නිසා අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දෙයි. අන්තර්ජාලය සහ පරිගණකය උපයෝගී කරගෙන මෙම පුස්තකාලවල කාර්යයන් සිදු කරනු ලබයි.

  • කාර්‍යක්ශම වීම
  • පුස්තකාලය වෙත යෑම අවශ්‍ය නොවීම
  • තොරතුරු ගවේශණය වේගවත් වීම
  • නව තාක්ශණය භාවිතයට ගැනීම 
යනාදී ලක්ෂණ මෙම පුස්තකාලයන්හි පවතී.

 භාවිතා කරන  තොරතුරු මූලාශ්‍රය අනුව පුස්තකාල ඉහත අයුරින් වර්ග කළ හැකි  අතර සාමාන්‍යයෙන් පුස්තකාල වර්ග ලෙස හදුන්වනුයේ පහත වූ පුස්තකාලයන් ය.
          1.ජාතික  පුස්තකාල

          2.විශේෂ පුස්තකාල 

          3.පාසල් පුස්තකාල  

          4.මහජන පුස්තකාල 
          5.ශාස්ත්‍රීය පුස්තකාල  

  •     කොලීජි පුස්තකාල 
  •      විශ්වවිද්‍යාල පුස්තකාල

1.ජාතික  පුස්තකාල
           ජාතික පුස්තකාලයේ වූ කලී සුවිශේෂී පුස්තකාලයක් ලෙස හැඳින්විය හැකිය .මෙය රටකට පුස්තකාලයක් වශයෙන් තිබෙන අතර ජාතියේම අනන්‍යතාවය පිළිබිඹු කරන හා සමස්ත රටේම දැනුම්  සම්භාරය එක් රැස් කරන්නාවූ පුස්තකාලයක් ලෙස රටක ජාතික පුස්තකාලය හැඳින්විය හැකිය.  ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලය කොළඹ 7 නිදහස් මාවතේ එක් පසෙකට වන්නට පිහිටා ඇති අතර මෙය වර්තමානය වන විට නවීකරණය කරමින් පවතී .

ජාතික පුස්තකාලයක් මගින් පහත වූ කාර්යයන්ත  ජාතිය  වෙනුවෙන් ඉටුකරනු ලබයි.

  • සමස්ත රටේම සාහිත්‍යය එක්රැස්  කිරීම හා ගබඩා කිරීම  
  • විදේශීය ග්‍රන්ථ එකතුවක් පවත්වා පවත්වාගෙන යාම 
  • සමස්ත පුස්තකාල පද්ධතියටම නායකත්වය ගෙන කටයුතු කිරීම 
  • රටක ඇති අස්පර්ශනීය සංස්කෘතික උරුමය සුරැකීම
  •  නීතිමය දැන් තැන්පතු එකතුවක් පවත්වාගෙන යාම 
  •  පර්යේෂණ කාර්යයන් වලට දායක වීම 

       2. විශේෂ පුස්තකාල

විශේෂ පුස්තකාලයක් වූ කලී විශේෂිත පුස්තකාල ද්‍රව්‍ක්ට හෝ කිසියම් විෂයකට හෝ සීමා වූ ඊට අදාළ තොරතුරු මූලාශ්‍ර පමණක් එක් රැස් කරන්නා වූ පුස්තකාල විශේෂයකි. මෙහි අනෙක් පුස්තකාලවල මෙන් නොව නිශ්චිත ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ තොරතුරු එක්රැස රැස්කර පවතී .මෙම  පුස්තකාලවල වරණීය විඥාපන සේවය,කාලීන සම්ප්‍රජාන සේවය,විමර්ශණ සේවය ආදී වූ සේවාවන් ක්‍රියාත්මක වේ.  

උදාහරණයක් ලෙස ; තේ පර්යේෂණ ආයතනයේ පුස්තකාලය 
 වී පර්යේෂණ ආයතනයේ  පුස්තකාලයය 
රබර් පර්යේෂණ ආයතනයේ පුස්තකාලය ආදිය දැක්්විය හැකිය


      3.පාසල් පුස්තකාල
   
          පුස්තකාලයක් වූ කලී පාසල්කට ඉතාමත් වැදගත්  හා  අත්‍යවශ්‍යම අංගයක් ලෙස හැඳින්විය හැකිය. පාසලකට පුස්තකාලයක් නැතිවම බැරි අංගයක් වන අතර පාසල් පුස්තකාලය පිළිබඳව ආචාර්ය හුසේන් ප්‍රකාශ කර ඇත්තේ පහත පරිදිය . 
   
''  ඔබට පාසල ක් නොවිසිලිමත්   සහ කඩිනමින් ඇගයීමට ඇත්නම් එහි පුස්තකාලය පිළිබඳව සොයා බලන්න.''

 පාසල් පුස්තකාලයක් මඟින් ඉටු කරන්නා වූ කාර්යයන් ලෙස පහත ඒවා හැඳින්විය හැකිය.
  •  දරුවන්ගේ කියවීමේ හැකියාවන් වර්ධනය කිරීම 
  • සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම 
  • සිසුන් කුඩා කල සිටම කියවීමේ කාර්යයට හුරු කිරීම 
  • තොරතුරු  ගවේෂණ කාර්යයේදී තොරතුරු ගවේෂණය කළ හැකි විවිධ ක්‍රම සිසුන්ට හුරු කිරීම.


         4.මහජන පුස්තකාල

පුස්තකාල  අතර සුවිශේෂී පුස්තකාල විශේෂයක් ලෙස මහජන පුස්තකාල හැඳින්විය හැකිය.  මහජන පුස්තකාලයක් වූ කලී කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා අධ්‍යාපනය හා දැනුම ලබා දෙන්නා වූ  පුස්තකාලයක් වන අතර මෙහි වචනාර්ථයෙන්ම හැඟවෙන පරිදි මහජනයා සඳහා වූ පුස්තකාලය මහජන පුස්තකාලයක් ලෙස හැඳින්විය හැකිය. මහජන පුස්තකාලයක් මගින් ජනතාවට විවිධාකාර වූ සේවාවන් සපයන අතර ඒවා කෙටියෙන් පහත පරිදි දැක්විය හැකිය.

  • කුඩා කල සිටම දරුවන්ගේ  ගේ කියවීමේ රුචිය ඇති කිරීම
  •  කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා දැනුම් හා තොරතුරු ලබා දීම
  •  යොවුන් ප්‍රජාවගේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම් සඳහා අවස්ථාව ලබාදීම 
  • ජංගම  පුස්තකාල සේවා පවත්වාගෙන යාම
  •  ඡායාපිටපත් සේවා පවත්වාගෙන යාම 
  •  ළමයින් හා තරුණ ප්‍රජාව ගේ හැකියාවන් සඳහා අවස්ථාව සලසා දීම
  • ප්‍රදර්ශන හා වැඩමුළු පැවැත්වීම
       

         5.ශාස්ත්‍රීය පුස්තකාල

ශාස්ත්‍රීය පුස්තකාල වූ කලී රටක අධ්‍යාපනය ලබන්නා වූ ශිෂ්‍ය  පරපුරට අවශ්‍ය කරන්නා වූ දැනුම හා තොරතුරු ලබා දෙන්නා වූ පුස්තකාල විශේෂයකි. මෙහිදී ශාස්ත්‍රීය පුස්තකාල කොලීජි පුස්තකාල සහ විශ්වවිද්‍යාල පුස්තකාල වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය මෙයින් විශ්වවිද්‍යාලය පුස්තකාලයක් යනු විශ්වවිද්‍යාලයේ හදවත සේ හඳුන්වනු ලබන විශ්වවිද්‍යාලයට අත්‍යවශ්‍ය හා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ දැනුම් කාර්යය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන්නා වූ සත්‍ය ගවේෂණයට අවශ්‍ය මග පෙන්වන්නා වූ ආයතනයයි. විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය පරපුරට තොරතුරු ගවේෂණයට අවශ්‍ය ඉඩකඩ සලසාදීම, ප්‍රකාශක නිකුත් කිරීම ,තොරතුරු එකඑක්රැස් කිරීම් හා ගබඩා කිරීම ආදී වූ කාර්යයන් මෙම පුස්තකාල මගින් ඉටු කරනු ලබයි.



පුස්තකාල වර්ගීකරණය පිළිබඳව ඉහත අයුරින්    විග්‍රහ කළ හැකි අතර ඔබට   මෙම ලිපිය වැදගත් වූවානම්  සහ ඔබට අවශ්‍ය තවත් මාතෘකා ඇත්නම් හළින් කමෙන්ට් කරන්න.  
පුස්තකාල හා විඥාපන විද්‍යාවට අදාළ වැදගත් ලිපි ඉදිරියටත්  බලාපොරොත්තු වන්න.


References (ආශ්‍රිත මූලාශ්‍ර )


වීරසිංහ, ඩබ්.කේ.එම්.එම්.කේ ,පොතපත වතගොත.කර්තෘ කැළණිය


15 comments:

  1. පුස්තකාල විද්‍යවේ නීති පහ පිලිබඳ විස්තරයක් ලබාදීමට හැකිද.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඉදිරි සතිය ඇතුලත ලබාදෙන්නම්..❤️

      Delete
  2. අධ්‍යයන පුස්තකාල යනු කුමක්ද කියලා විස්තර කරන්න පුළුවන් ද

    ReplyDelete
    Replies
    1. අධ්‍යන පුස්තකාල පිළිබද සංක්ශිප්ත සටහනක් දාලා තියෙන්නෙ.අවශ්‍ය නම් ඉදිරියට පුළුල් විස්තරයක් ඇතුලත් කරන්නම්..❤️

      Delete
  3. මේකද අන්තිම ලිපිය
    තව තියෙනව ද

    ReplyDelete
    Replies
    1. පුස්තකාල වර්ගීකරණය පිළිබද තවත් තොරතුරු මේ ලිපියට තුළත් කරන්න හිතුවෙ නැහැ.මොකද පුස්තකාල වර්ග පිළිබද වෙන් වෙන්ව ලිපි ඉදිරියට පලකිරීමට නියමිත නිසා.ඔබට අවශ්‍ය කවර පුස්තකාල වර්ගයක් පිළිබද විස්තරයක් ද?

      Delete
    2. විශේෂ පුස්තකාල

      Delete
  4. මට පුස්තකාල වර්ගීකරණය හා දැනුම වර්ගීකරණය අතර නිර්වර්චන ආශ්‍රෙයන් පැහැදිලි කරගා දෙනන් පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන් ඉදිරියේ ලබාදෙන්නම්.❤️

      Delete
    2. WARGA PANTHI GANA HADINWEEMAK DENNA

      Delete
  5. පාසල් පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රයාවලියට දායක කරගත හැකි ආකාරය පහද දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  6. මට පුස්තකාල වර්ග වෙන් වෙන් වශයෙන් විග්‍රහයක් ලබා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  7. ලිඛිත මුලාශ ,සංඛ්‍යාංකමය තොරතුරු මුලාශ ,මුද්‍රිත මුලාශ පිළිබඳව තොරතුරු විස්තර සහිතව ලබා දෙන්න පුළුවන් ද

    ReplyDelete
  8. පුස්තකාල සුචි

    ReplyDelete
  9. ෙපාත් විභේදනය යන්න පැහැදිලි කරන්න පුලුවන්ද

    ReplyDelete

Best and Amazing Architectural libraries in the world ...

   Best and Amazing Architectural libraries in the world ... Belarus National Library, Minsk       👉     https://www.nlb.by/en/ 2 .        ...