Computer literacy
for Library and information science
·
දත්ත
( Data)
කිසියම්
පුද්ගලයෙකු/ ස්ථානයක් /සිදුවීමක් වැනි ඕනෑම දෙයක් පිළිබඳව මූලිකව එක්රැස්
කරගන්නා දේවල් දත්ත ලෙස හැඳින්වේ.
උදා; පොතක මිල
උෂ්ණත්වමානයක පාඨාංක
දත්ත වල ගති ලක්ෂණ :
· අර්ථාන්විත
බවින් අඩුය.
· විවිධ
ස්වරූපවලින් පවතී
· තොරතුරු
සැකසීම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගනී
· එක්රැස් කර
යම් මාධ්‍යයක් තුළ ගබඩා කර තබාගෙන
· නැවත ලබාගත
හැක සන්නිවේදනය කළ හැක
දත්ත පවතින
ආකාර :
· ලිඛිත සටහන් (අකුරු, ඉලක්කම්, සංකේත)
·
ශ්‍රව්‍ය (නාද , ශබ්ද)
·
දෘශ්‍ය ( ඡායාරූප, සිතුවම්, හැඩතල
)
·
ගන්ධ
· රස
ü දත්ත ප්‍රධාන ආකාර දෙකකි .
1. ගුණාත්මක දත්ත
සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි
දත්ත ගුණාත්මක දත්ත ලෙස හඳුන්වයි.
Ex. රතු පාට මල්, කහ පාට මල්
2. ප්‍රමාණාත්මක
දත්ත
සංඛ්‍යාත්මකව
ප්‍රකාශ කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත ලෙස හඳුන්වයි.මේවා ආකාර දෙකකි.
i.
සංතතික දත්ත (භාග හා දශම සංඛ්‍යා මේ යටතට
ගැනේ)
ii.
වියුක්ත දත්ත (මේවා පූර්ණ සංඛ්‍යා යටතට
ගැනේ)
· තොරතුරු ( Information)
§ කිසියම්
පදනමකින් සංවිධානය කරන ලද දත්ත ''තොරතුරු'' ලෙස හඳුන්වනු ලැබේ .
§ පුද්ගලයකුට
භාවිතා කළ හැකි හා තේරුම්ගත හැකි පරිදි අර්ථාන්විතව සැකසු දත්ත සමුදායක් ''තොරතුරක්''
ලෙස හැඳින්විය හැකිය.
තොරතුරු වල
ගති ලක්ෂණ ;
o
අර්ථවත් වීම
o
තීරණ ගැනීමට උපකාරී වීම
o
කාලීන බව
o
සාපේක්ෂ බව
o
විශ්මය දනවන සුළුවීම
ü තොරතුරුවල වල
තත්වය වැඩිදියුණු කිරීම සඳහා ඉවහල් වන සාධක :
o අදාළත්වය
o පූර්ණත්වය
o නිරවද්‍යතාව
o පැහැදිලි බව
o සන්නිවේදනය
සඳහා යොදා ගැනීම
·
What is computer?
( පරිගණකයක් යනු)
පරිගණකයක් යනු දත්ත ආදානය කළ හැකි වූද,තැම්පත් කළ හැකි වූද,අවශ්‍ය ආකාරයට
සංස්කරණය කළ හැකි වූද, ප්‍රතිදානය කල හැකි
වූද විද්‍යුත් උපකරණයකි.
C O M P U T E R
👉 Commonly Operating Machine Particularly Used for Technical educational Research
· Input of the computer
පරිගණකයක් සඳහා අප දත්ත ආදානය කිරීම් සඳහා යොදා යොදා
ගන්නා උපාංග input
devices ලෙස හඳුන් හඳුන්වනු ලැබේ. එලෙස දත්ත ආදානය කිරීම සඳහා භාවිතා කරනු ලබන ප්‍රධාන
උපාංග පහත ආකාරයෙන් දැක්විය හැකිය.
o Keyboard
o Joy stick
o Barcode reader
o Fingerprint reader
o Web cam
o Mouse
o Light pen
o Mic
o Scanner
o Trackball
· output of the computer
පරිගණකය වෙත අප ආදානය කරනු ලබන දත්ත ප්‍රතිදානය කිරීම
සඳහා යොදා යොදා ගන්නා වූ මෙවලම් output devices ලෙස හැදින්වේ. එලෙස දත්ත ප්‍රතිදානය කිරීම
සඳහා භාවිතා කරනු ලබන ප්‍රධාන උපාංග පහත ආකාරයෙන් දැක්විය හැකිය.
- Monitor (LCD, LED, CRT etc.)
- Printers
- Plotters
- LCD projection panels
- Speaker
- Head phone
- Projectors
- Computer output microfilm (COM)
·
Computer language
මිනිසුන් වූ අපි
සන්නිවේදන කටයුතු සඳහා භාෂා භාවිතා කරන අතර එලසින් පරිගණකයේ සියලුම
මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගන්නා භාෂා ආකාර computer language වේ.
Ex; Java
COBOL
Pascal
Python
PHP
· Computer program
කිසියම් සංකීර්ණ ප්‍රශ්නයක් විසඳාලීම සඳහා computer
language එකක් ආධාර කොටගෙන අනුපිලිවලින් ලියන ලද උපදෙස් මාලාවක් computer program ලෙස හඳුන්වයි.
පරිගණක
පද්ධති
පරිගණක පද්ධතියක ඇති ප්‍රධාන කොටස් හතරකි.
1. දෘඩාංග
2. මෘදුකාංග
3. ස්ථිරාංග
4.
ජීවාංග
1
.දෘඩාංග
පරිගණක පද්ධතියක ඇති භෞතික උපාංග නම් වේ.
Ex.
මධ්‍ය සැකසුම් ඒකකය
යතුරු පුවරුව
මූසිකය
පරිගණක තිරය
2.මෘදුකාංග
පරිගණකයක
ඇති දෘඩාංග මෙහෙයවමින් යම් ප්‍රජෝජනවත් කාර්යයක් ඉටු කිරීමට ලබා දී ඇති උපදෙස්
මාලාවක එකතුවක් පරිගණක මෘදුකාංග ලෙස හැඳින්වේ.
Ex.
පරිගණක මෘදුකාංග ප්‍රධාන වර්ග දෙකකි.
I.
පද්ධති මෘදුකාංග
II.
යෙදුම් මෘදුකාංග
I.
පද්ධති මෘදුකාංග
පරිශීලකයාට තම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පරිගණක
පද්ධතියේ සමස්ථ පාලනය සිදු කරන ප්‍රධානම හා වැදගත්ම මෘදුකාංග කොටස මෙයයි. මේවා
ආකාර තුනකින් හඳුනාගත හැකිය.
· මෙහෙයුම්
පද්ධති
· භාෂා පරිවර්තක
· උපයෝගිතා
මෘදුකාංග
· මෙහෙයුම්
පද්ධති
මෙහෙයුම් පද්ධතිය පරිගණක පද්ධතියක ධාවනය වන වැදගත්ම ක්‍රමලේඛනය
වේ. වෙනත් ක්‍රමලේඛන ධාවනයට සෑම පරිගණකයකම මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුය.
පරිගණකය ක්‍රියාත්මක කළ විට මතකයට ප්‍රවේශ වන මූලිකම ප්‍රවේශය මෙහෙයුම් පද්ධතිය
වේ.පරිගණක පරිශීලකටයාට පරිගණකය හා සම්බන්ධ
වීම සඳහා පරිගණක අතුරු මුහුණත ලබාදෙන්නේ මෙහෙයුම් පද්ධතිය මගිනි.
Ex. Windows 7
Windows
8
Windows
xp
Windows
8.1
· භාෂා පරිවර්තක
පරිගණකයට
අප විසින් ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක
කළ හැක්කේ පරිගණකයකට තේරුම් ගත හැකි යාන්ත්‍රික භාෂාව බවට පරිවර්තනය වූ විට පමණි. ඒවා භාෂා
පරිවර්තක මෘදුකාංග වේ .
Ex. Assembler
Interpreter
Compiler
- උපයෝගීතා මෘදුකාංග
මෙහෙයුම්
පද්ධතියේ ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා උපයෝගී වන මෘදුකාංග උපයෝගීතා මෘදුකාංග ලෙස
හැඳින්වේ.
Ex. ප්‍රතිවෛරස
මෘදුකාංග
දෝශ සෙවීමේ සහ
නිරාකරණය කිරීමේ මෘදුකාංග
II.
යෙදුම් මෘදුකාංග
එදිනෙදා වැඩ කටයුතු කිරීම සඳහා භාවිතා වන මෘදුකාංග
යෙදුම් මෘදුකාංග වේ.
Ex. වදන් සැකසුම්
පැතුරුම්පත්
3
. ස්ථිරාංග
පරිගණක පද්ධතියේ සමාරම්භය සඳහා මූලිකව අවශ්‍යවන
ක්‍රමලේඛන ස්ථිරාංග ලෙස හැඳින්වේ. මේවා දෘඩාංග නිපදවීමේදී පරිගණකයට ඇතුල් කරන අතර
පසු කාකාලීනව ඒවා වෙනස් කළ නොහැකිය.
Ex. Read only Memory
4 ජීවාංග
යමෙකු යම්
මොහොතක පරිගණකය පරිශීලනය කරයි නම් ඔහු හෝ ඇය එම මොහොතේ ජීවාංගය ලෙස හැඳින්වේ.
ජීවාංග කොටසට අයත් වන පරිගණකය හා සම්බන්ධ වෘත්තිකයන් පහත දැක්වේ.
· පරිගණක ක්‍රමලේඛක
· පද්ධති
විශ්ලේෂක
· පද්ධති
කළමණාකාර
· දත්ත ක්‍රියාකරු
·
වෙබ් සැළසුම්කරු
Good work dear
ReplyDelete